![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiypLFWVRVyijg4_IPdI4qxqpVjxrOSPDflOWpf2DA1B0ZoiYHrzZipo4c4pnPzDYtbdok9KFdmXxlcXvAVQJwAywNCT9-kl6VpXRE9Jefr2XiDBhyx-uDkyVi9clgAidNN36BWuxDWUuRi/s320/GOD.png)
නිකොලස් කසන්සාකිස් (සොර්බා, ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක‍්‍රයිස්ට්* ග‍්‍රීක ලේඛකයා හරිම පැහැදිලි පිලිවෙලක් තියෙන මිනිහෙක්. එයා හු`ගක් ආගමික දේවල් එයාගෙ පොත් වල ලිව්වත්, අසිසි වලින් පැමිණි සෙන් ෆ‍්‍රාන්ස් වගේ අද්විතීය චරිතාපදාන ලිව්වත්, එයා අදේවවාදියෙක් කියල දැඩිවම කියා සිටියා.
ඒත් මේ අදේවවාදියා තමයි මම දෙවියන් ගැන කියවා තියෙන ලස්සනම වචන ටික ලිව්වෙ.
‘‘අපි වික්‍ෂිප්තව බලා ඉන්නවා විශ්වය පාලනය කරන ශක්ති සර්පිලයේ ඉහළම කොටස දිහා.
අපි ඒකට කියනවා දෙවියන් කියල.
අපිට තව ගොඩක් නම් දෙන්න තිබුණ. අභිරහස, අගාධය, අඳුර, ආලෝකය, ආත්මය, නිහැ`ඩියාව....
ඒත් අපි කිව්වෙ දෙවියන් කියල. මොකක් හරි අද්භූත හේතුවකට ඒ නම කියද්දි අපේ හදවත් ප‍්‍රාණවත්ව ගැහෙන්න ගත්තා.
කිසිම සැකයක් නෑ. මේ ගැස්ම, වෙව්ලිල්ල අපිට අවශ්‍යමයි මිනිස් පැවැත්මේ මූලික හැ`ගීම් දක්වා කිමිදෙන්න.”
-Paulo Coelho
No comments:
Post a Comment