Thursday, May 5, 2011

ඉතිරි කරන්නෝ පව්කාරයෝය. වියදම් කරන්නෝ භාග්‍යවන්තයෝය.


ලංකාව ආපස්සට ගමන් කරමින් සිටී. අපි ¥පතක කොටු වුණු අපේ ජීවිත ගැන ඉන්නේ ලොකු ආඩම්බරයකිනි. වෙන රටවල් සමග සම්බන්ධ වීමට හෝ එක`ගතා ඇති කර ගැනීමට අපට උවමනා නැත. ඒඅ පි නැවත පැරකුම්බා කාලයේ මෙන් ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා ගමන් කරමින් ඉන්නා නිසාය. ලෝකයම ධනේශ්වරය සමග ඉදිරියට තව තවත් විවෘත වෙමින් ගමන් කරද්දී අපි කැමැත්තෙන්ම ආපස්සට යන්න තීරණය කර තිබේ. එයට වාමාංශිකයන්ද කැමතිය. ජාතිකවාදීන්ද කැමතිය. ගැමියෝද කැමතිය. නාගරිකයෝද (ගමෙන් නගරයට ආපු* කැමතිය. පරාක‍්‍රමබාහු කාලයටත් වඩා අපි දැන් ස්වයං පෝෂිත වෙන්නට ඉඩ ඇත. ඒ අපේ කෑම වේල අපිම ගේ මිදුලේ වවා ගන්නා නිසාය. අපේ වත්තේ මෑ කරල් කමින්, අපේ කුඹුරේ හාල් තම්බාගෙන, අපේ ටීවී එකේ මෙගා ටෙලියක් බලාගෙන පඩිය පොතේ දාගෙන ජීවත් වෙන්නට අපිට හැකිය. දැන් අපි නිදහස් කියන්නේ ඒ හින්දාය. වඩාත් අපි ආඩම්බර විය යුත්තේ ගමටත් වඩා නගරයේ පර්චස් 10ක කොස් ගස් හිටවාගෙන, වැඩි ඇරී ඇවිත් පාත්ති කොටා ගෙන, ධාර්මිකව ජීවත් වෙන්නට අපි පටන් ගෙන ඇති හින්දාය. අපිට චිත‍්‍රපටි වැඩක් නැත. විලාසිතා හෝ රාත‍්‍රි ජීවිත අවශ්‍ය නැත. ලෝකයේ කිසි රටක නැති පරිද්දෙන් අපිට අවශ්‍ය සියල්ල එකවර ලැබී තිබේ. ඒ මදිවට අපේ ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදිතය, වගේ මහ බැංකුවෙන් සංඛ්‍යා ලේඛන හදන හැම වගුවක්මත් එන්න එන්න ඉහලට යමින් තිබේ. දැන් ඇමරිකාවත් අපිට වඩා පහලින් වගේය. අපේ ජනාධිපති එස්එම්එස් වලින් ඔබාමාට ද වඩා ඉදිරියෙනි. මේ අතර ජපානයට සුනාමියක් ආවේය.

මේ තරම් සංවර්ධනයක් කරා ඉගිල්ලෙමින් සිටින රට ගැන කතාව පොඞ්ඩකට නවතා මං ජපානය ගැන කියන්නට හදන්නේ තාමත් ඕපා¥ප ගැන මගේ ඇති ආසාව අඩුවෙලා නැති හින්දාය. මගේ ඒ ආසාව ගැන දන්නා මගේ පෙම්වතිය ජපානය ගැන ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙක් ලියපු ලිපියක් මට ගෙනැත් දුන්නාය.

ජපන්නු හොඳටම සල්ලි ඉතුරු කරන ජාතියක්. අපේ සිංහල බෞද්ධයනුත් ඉතුරු කිරීම සලකන්නේ වැදගත්ම පුරුද්දක් විදිහට. ධනේශ්වරය එක්ක මුදල් හුවමාරු වෙවී, වියදම් කිරීමේ රටා අලූත් වෙවී, මුදල් වෙන වටිනාතම් වලට මාරු වෙවී යද්දි අපි හම්බු වෙන කීය හරි පොතක දාලා ඉතුරු කරලා ඉඩමක් අරන් ගෙයක් හදාගෙන ගෙයි මිදුලේ පාත්තියේ එළවළුවක් වවන් කන්න හීන දකිනවා. ජපන්නුත් ඒ වගේමයි. ඊට ටිකක් විතර වෙනස්. ජපානය හු`ගක් ඉතුරු කරන රටක්. ඒ වගේම ජපානය හු`ගක් අපනයනය කරන රටක්. (ආනයනයට වඩා* ජපානයේ වෙළඳ අතිරික්තය බිලියන 100ට වැඩියි. කොයි තරං ආදර්ශමත් රටක්ද ජපානය. (මං කියවගෙන යන්නෙ සුනාමියට කලින් ලියපු ලිපියක්*

ඒත් ඇමරිකාව? උන් වියදම් කරනවාමයි වැඬේ. ඉතුරුව හරි අඩුයි. ඒ මදිවට අපනයනයට වඩා ආනයනය ඉහලයි. හරි නාස්තිකාරයි. දැන් බලද්දි වැඩියෙන් සිංහල බෞද්ධ ජපානෙද, ඇමරිකාවද?

මට මතක් වෙනවා සමසෙට් මෝම් ලියපු කෙටි කතාවක්. කූඹියා සහ පළගැටියා ඒ කතාවෙ නම. කූඹියා කෑම එකතු කරනවා..එකතු කරනවා...වැහි කාලෙට ගන්න. පළගැටියා සිංදු කිය කිය නටනවා කිසි ඉතුරුවක් නැතුව. කූඹියාට සිංදු කියන්නවත් නටන්නවත් වෙලාවක් නෑ. ඒ ගොල්ලො රංචු පිටින් සංවිධානය වෙලා, ජාති මාමකත්වයෙන් යුතුව කෑම ඉතුරු කරනවා වැහි කාලෙට. අද ගැන නෙමෙයි හෙට ගැනමයි කල්පනාව. කූඹියා සිංහල බෞද්ධකමට කිට්ටු වැඩියි. පළගැටියා නාස්තිකාරයි. වැහිකාලෙදි පළගැටියා හාමතේ මැරෙනවා. කූඹියා ඉතුරු කරපු කෑම ටික කකා ඉන්නවා. ඒත් එයාට සිංදු කියන්නවත් නටන්නවත් වෙලාවක් නෑ. පායන කල් බලන් ඉන්නෙ ආයෙත් කෑම එකතු කරන්න. පායපු ගමන් කූඹියා අයෙත් ඉතුරු කරන්න ගන්නවා, වැහි කාලෙට. සමසෙට් මෝම් මෙතනදි කියනවා මොකක් හරි හේතුවක් හින්ද, එයා තාම කැමති පළගැටියට කියල. වෙනස් හේතුවක් හරි හින්ද මාත් කැමති පළගැටියට. කූඹියා හැමදාම ඉන්නෙ තාම ආපු නැති දවසක් වෙනුවෙන් මහන්සි වෙවී.

කොහොම වුණත් ධනේශ්වරය හැදිලා තියෙන්නෙ කූඹි වෙනුවෙන් නෙමෙයි. ඒක පළගැටියන්ට හදපු ක‍්‍රමයක්. ඇමරිකාවෙ වෙළඳ හි`ගය ඇමරිකානු ඩොලර් බිලියන 400ට වැඩියි. ඒත් ලෝකෙ වඩාත්ම ස්ථාවර සහ ශක්තිමත්ම ආර්ථිකය විදිහට පිළිගන්නෙ ඇමරිකානු ආර්ථිකය. ඇමරිකාවට කොයින්ද සල්ලි මෙහෙම වියදම් කරන්න? ඒ ගොල්ලො සල්ලි ණයට ගන්නවා ජපානෙන්, චීනෙන් විතරක් නෙමෙයි, ඉන්දියාවෙන් පවා. එතකොට මහ බැංකුවෙන් ලොකු ඉලක්කම් දාලා පෙන්නන අපේ ආර්ථිකේ ස්ථාවරද ශක්තිමත්ද කියන ප‍්‍රශ්නෙ එනවා. ලෝකෙ අනිත් අපි වගේ රටවල් ඉතුරු කරනවා ඇමරිකාවට වියදම් කරන්න. ලෝකයේම ඉතුරුම් වැඩියෙන්ම තියෙන්නෙ ඇමරිකාවෙ. ඉන්දියාව විතරක් ඒ ගොල්ලොන්ගෙ විදේශ වත්කම් ඩොලර් බිලියන 5කට වඩා ඇමරිකානු තැන්පතු වල දාලා තියෙන්නෙ. ජපානෙ ඩොලර් ටි‍්‍රලියන ගණං.
ඇමරිකාව ලෝකෙන් ටි‍්‍රලියන 5ට වඩා අරගෙන. ලෝකෙම ඉතුරු කරන්නෙ ඇමරිකාවට වියදම් කරන්න. ඒක නිසා ඇමරිකානුවො නිදහසේ වියදම් කරනවා. ඇමරිකාවෙ පරිභෝජනය එන්න එන්න ඉහල යනවා. හැම කාර්තුවකටම ඩොලර් බිලියන 180ට වඩා අනිත් රටවලට ඇමරිකාව වෙනුවෙන් වියදම් කරන්න වෙනවා.

චීන ආර්ථික විද්‍යාඥයෙක් ප‍්‍රශ්නයක් ඇහුවා. කවුද වැඩියෙන් ආයෝජනය කරන්නෙ, ඇමරිකාව චීනෙ ඇතුලෙද? නැත්තං චීනෙ ඇමරිකාව ඇතුලෙද? ඇමරිකාව චීනෙ ආයෝජනය කරන්නෙ චීනෙ ඇමරිකවෙ ආයෝජනය කරනවට වඩා බාගෙකටත් අඩුවෙන්.

දැන් අපිට සිද්ද වෙනවා ආර්ථික විදයාව ගැන වෙනස් විදිහකට හිතන්න. සි`ගාලෝවාද සූත‍්‍රයෙ කියපු විදිහට ආර්ථිකය දුවන්නෙ නෑ අද. සල්ලි විසි කරන්න ඕන පැටව් ගහන්න.
ඒත් අපි ආපස්සට යනවා. ලෝකෙ ඉස්සරහට යද්දි.

ඇයි හැමෝම ඇමරිකාව පස්සෙන් දුවන්නෙ?
රහස තියෙන්නෙ ඇමරිකාව වියදම් කරන විදිහෙ. ඒ ගොල්ලො ඉතුරු කරන්නෙ නෑ. ඒ මදිවට ක්‍රෙඩිට් කාඞ් වලින් අනාගතය වෙනුවෙනුත් ඒ ගොල්ලො ණය වෙනවා. ඇමරිකාවෙ වියදම් කරන රටාව නිසාම ඇමරිකාවට අපනයනය කරන්න අනිත් රටවල් උනන්දු වෙනවා. ඇමරිකාව හැම අවුරුද්දකම අපනයනය කරනවට වඩා ආනයනය කරනවා.

ලෝකෙ සල්ලි ඉපදෙන්න කලින් ණය කියන එක නිර්මාණය වුණා නැත්තං ණය පදනම් කරගෙනයි සල්ලි කියන එක නිර්මාණය වුණේ කියල අපිට අමතක වෙනවා.

ලෝකයේම වර්ධනය තියෙන්නෙ ඇමරිකාවෙ වියදම් කිරීම මත. එන්න එන්නම තවත් ගැඹුරු වෙන ඇමරිකානු පරිභෝජන සංස්කෘතිය නිසා ලෝකෙ අනිත් රටවල් ඇමරිකානු පරිභෝජනය උඩ යැපෙන්න පුරුදු වෙලා. ඇමරිකාවට ඒ පරිභෝජන රටාව පවත්වාගෙන යන්න සල්ලි ඕන වෙද්දි අනිත් රටවල් දෙනවා. ඒක හරියට කඩ අයිතිකාරයෙක් දිගටම තමන්ගෙ කඩෙන් බඩු ගන්න ඕන හින්ද පාරිභෝගිකයෙකුට අතින් සල්ලි දෙනවා වගේ වැඩක්. පාරිභෝගිකයා බඩු ගත්තෙ නැත්තං කඬේ වහන්න වෙනවා. ඇමරිකාව තමයි මේ වාසනාවන්ත පාරිභෝගිකයා. ලෝකෙ අනිත් රටවල් අනාථ වුණු කඩකාරයා වගේ.

ඇමරිකාවට ඉන්න ලොකුම කඩකාරයා කවුද? ජපානය. ඒත් ජපානයේ ආර්ථිකය අන්තිම දුර්වලයි. මේක අපේ රටේ ගොඩක් අය දන්නෙ නෑ. ජපානයේ ආර්ථිකය කඩා වැටෙමින් තියෙන්නෙ. නූතන ආර්ථික විද්‍යාඥයො පෙන්නලා දෙනවා ජපනුන් වියදම් කරන්නෙ නැති නිසා ඒ අයගෙ ආර්ථිකය වැඩෙන්නෙ නැතිලූ. ජපානයේ ආණ්ඩුව මැදිහත් වෙලා ද`ගලනවා ජපනුන්ට වියදම් කරන්න හුරු කරන්න. ඒ ගොල්ලො ඉතුරුම් වෙනුවෙන් පොලී අනුපාත කපා හැරලා. සමහර වෙලාවට ඉතුරු කරනවට අය කරනවා. ඒත් ජපන්නු වියදම් කරන්නෙ නෑ. බදු වලින් බෑනෙ පුරුදු වෙනස් කරන්න. ඒ ගොල්ලොන්ගෙ තැපැල් ඉතුරුම් විතරක් ඩොලර් ටි‍්‍රලියන 1.2කට වැඩියි. ඒත් ඒක ජපානෙට හයියක් නෙමෙයි. වේදනාවක්.

දැන් අපි යමින් ඉන්නෙ කොහාටද? අපේ වත්තෙ පැල ටිකයි, බැංකු පොතේ සල්ලි ටිකයි තියාගෙන ගෙයක් ඇතුලෙ කොටු වෙලා, ලෝකෙන් හැංගිලා අපි ඉතිහාසෙට යද්දි ආර්ථිකය කොයි අතට යාවිද? හරියටම මහ බැංකුව පෙන්නනවා වගේ ලොකු ඉලක්කම් වලට යාවි. ඒත් අතේ සතේ නැති වේවි.

මොකක්ද පාඩම?

ජාතියකට නැගිටින්න බෑ ඒ ජාතිය වියදම් කරන්නෙ නැත්තං. නිකං නෙමෙයි, ණයට අරං වියදම් කරන්න ඕන. ප‍්‍රසිද්ධ ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙක් වෙන ආචාර්ය ජග්දීශ් බගවතී එක්වරක් මන්මෝහන් සිංට කියනවා ‘ඉන්දියානුවො හරි නාස්තිකාර විදිහට ඉතුරු කරනවා‘ කියල. ‘ඔවුන්ට කියන්න වියදම් කරන්න කියල. රටින් ගේන කාර් වලට හරි. අඩු ගානෙ රූප ලාවන්‍ය ගැන දේවල් වලට හරි. ඒකෙන් ඉන්දියාව වර්ධනය වන වක‍්‍රයට අරන් ඒවි.’

‘ඉතිරි කිරීම පාපයක්. වියදම් කිරීම කුසලයක්’

අපි ආයිමත් භාණ්ඩ හුවමාරු යුගයට යන්න උත්සාහ ගන්න නිසා සමහර විට මේ නූතන ආර්ථික විද්‍යාව වැඩක් නොවෙන්නත් පුළුවන්.

-ව්‍යාධදේව

No comments:

Post a Comment