Tuesday, May 31, 2011

වූඩි ඇලන් එක්ක කොට කතාවක්




හරි විදිහෙ පෙනුමක්, හරිහමන් යාලූවො, හොඳ කටක් තියෙනවා නම් ඔබට හොලිවුඞ් තරුවක් වෙන්න පුළුවන්. ඒත් වූඩි ඇලන්ට එහෙම හොඳ පෙනුමක් නෑ. ගොඩක් අයට ඕන එයත් එක්ක යාලූ වෙන්න. එයාගෙ කටත් ඒ තරම හොඳ එකක් නෙමෙයි. අසහනකාරී දේවල් කියනවට වඩා දෙයක් ඒකෙන් වෙන්නෙ නෑ. ඒත් වූඩි තරුවක් නෙමෙයි. එයා ලෙජන්ඩ එකක්. එහෙම ලෙජන්ඞ් එකක් වෙන්න නම් ටැලන්ට් එකක් තියෙන්න ඕන. අවුරුදු 35ක් හොලිවුඩ වල රැුඳෙන්න බෑ ඔයා නිකමෙක් නම්. 1978 ඉඳන් වූඩි ඇකඩම අවෝර්ඞ් 15ට නම් වුණා එයාගෙ ර`ගපෑම, පිටපත් සහ අධ්‍යක්‍ෂණය නිසා. 1978 ඇනී හෝල් චිත‍්‍රපටයට වූඩි පිටපත සහ අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ඇකඩමි සම්මාන දිනා ගත්තා.

ප‍්‍රශ්නය-
වූඩි, මට ටිකක් කියන්න ඔයාගෙ දෙමව්පියන් ගැන.

වූඩි ඇලන්-
මම හිතන්නෙ නෑ මගේ දෙමව්පියො මට කැමති වුණා කියල. මං පුංචි කාලෙ ඒ ගොල්ලො පණ තියෙන ටෙඩි බෙයාර් කෙනෙක්ව මගේ ඇඳට දැම්මා. මට හොඳටම විශ්වාසයි මාව ත‍්‍රස්තවාදී හරි හොරු හරි අරන් ගියා නම් ඒ ගොල්ලො ඉක්මන් ක‍්‍රියා මාර්ග ගනීවි. මගේ කාමරෙත් කුලියට දේවි.

ප‍්‍රශ්නය-
ඔයා හු`ගක් හොඳ ඉස්කෝලෙකට යන්න ඇති. ඒ කාලෙ කොහොමද?
වූඩි ඇලන්-
මට තිබුණෙ මහ එපා කරපු ඉස්කෝලෙ කාලයක්. ඒක මානසික ආබාධ සහිත ගුරුවරුන් වෙනුවෙන් හදපු එකක්.




ප‍්‍රශ්නය
ලොකු වුණාම ඉස්කෝලෙ ක‍්‍රීඩා කණ්ඩායම් වලට එකතු වුණාද?
වූඩි ඇලන්-
මට චෙස් ටීම් එකට යන්න බැරි වුනා මගේ උස හින්ද. ගොඩක් කොටයි නෙ මම.

ප‍්‍රශ්නය
ඉස්කෝලෙ කාලෙ හොඳ ළමයෙක්ද?
වූඩි ඇලන්-
මම මේක සාමාන්‍යයෙන් කියන්නෙ නෑ. ඒත් මාව ඉස්කෝලෙන් එලියට දැම්මා අධිභෞතික විද්‍යාව හොර කළා කියල. මම මගේ එහා පැත්තෙ ළමයගෙ ආත්මෙට එබිලා බැලූවා.

ප‍්‍රශ්නය
මං ලිංගික ප‍්‍රශ්නයක් ගැනයි අහන්න යන්නෙ. ද්විලිංගිකයො ගැන මොකද හිතන්නෙ?
වූඩි ඇලන්-
මං හිතන්නෙ ඒ ගොල්ලො වාසනාවන්තයි. මේ ද්විලිංගිකත්වය ඔයාට සෙනසුරාදා ?කට ෆන් එකක් ගන්න තියෙන චාන්ස් එක දෙගුණ කරනවා.

ප‍්‍රශ්නය
අපි කසාදෙ ගැන කතා කරමු. කොහොමද ඔයාගෙ දැන් බිරිඳ එක්ක ජීවිතේ?
වූඩි ඇලන්-
එයාද...මුලින්ම කියන්න ඕන එයා තාම හරි පොඩියි. දවසක් මං ගෙදර බාත් ටබ් එකේ ඉන්නකොට එයා ඇවිත් මගේ බෝට්ටු ඔක්කොම වතුරෙ ගිල්ලූවා. මගේ යාලූවො කියනවා මං මෝඩයි කියල. ඒත් මං මගේ බිරිඳව ඉහල තැනක තියන්නයි බලන්නෙ. මගේ ගෙදර මං තමයි බොස්. මගේ බිරිඳ තමයි තීරණ ගන්නෙ.




ප‍්‍රශ්නය
දේශපාලනය ගැන කියන්න මොකවත් තියෙනවද?
වූඩි ඇලන්-
මට කියන්න පුළුවන් ඔබාමා අපේ ජනාධිපති පරපීඩකකාමී, අශ්වයො එක්ක හැසිරෙන , මළමිනී එක්ක නිදා ගන්න කෙනෙක් කියලා. ඒත් ඒක මැරිච්ච අශ්වයෙකුට තඩිබානවා වගේ.

ප‍්‍රශ්නය
අපි අහලා තියෙනවා ඔබට විකෘති කාම හැසිරීම් තියෙනවා කියල.
වූඩි ඇලන්-
ඔය අහන්නෙ ස්වයං වින්දනය ගැන නම් ඒ මං කැමති කෙනෙක් එක්ක සෙක්ස් කරන විදිහ. ඒකට මොකුත් කියන්න එපා.

ප‍්‍රශ්නය
අවසන් ප‍්‍රශ්නය. ඔබ කැමතිද ඔබේ වටිනා නිර්මාණ තුලින් අමරණීයත්වයට ළගා වෙන්න?
වූඩි ඇලන්-
මට ඕන නෑ මගේ වැඩ වලින් අමරණීය වෙන්න. මට ඕන මැරෙන්නෙ නැතුව අමරණීය වෙන්න.

හාවි ටොබ්ක්ස් - වූඩි ඇලන් එක්ක.
පරිවර්තනය- ව්‍යාධදේව.

No comments:

Post a Comment